වතුකරයට එන අයට ප්‍රවාහන පහසුකම් පුළුල් කරයි


හෙට (05දා) දින පැවැත්වෙන මහ මැතිවරණය සඳහා සිය ජන්දය සළකුණු කිරීමට කොළඹ සිට වතුකරයට පැමිණෙන ජන්දදායකයින් වෙනුවෙන් කොළඹ කොටුවේ සිට හැටන් දක්වා අද (04දා) ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.

වතුකරයේ විශාල පිරිසක් කොළඹ ප්‍රදේශයේ රැකියා වල නිතරව සිටින නිසා එම පිරිසට ජන්දය සළකුණු කිරීමට ඔවුන් සේවය කළ ස්ථානවලින් නිවාඩු ලබා දිමත් සමග අද විශාල පිරිසක් ලංගම සහ පෞද්ගලික බස් රථ වලින් හැටන් වෙත පැමිණියේය.

එසේ පැමිණෙන ජනතාව වෙනුවෙන් හැටන් බස් නැවතුම්පොලේ සිට ඔවුන්ගේ ගමනාන්තය දක්වා යාමට හැටන් ලංගම ඩිපෝව සහ පෞද්ගලික බස් රථ හිමියන්ද බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.

 



Recommended Articles