වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයක පැය 18ක ජල කප්පාදුවක්


වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (31) රාත්‍රී 10.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනූව, හෙට (01) පස්වරු 04.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

වනවාසල, ඔලියමුල්ල, ඇවරියවත්ත පාර, බලගල, තෙලඟපාත, මීගස්වත්ත, හේකිත්ත, පල්ලියවත්ත සහ ඇලකන්ද යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

නව ජලනල එළිමේ කටයුත්තක් හේතුවෙන් අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

 



Recommended Articles