වත්තල අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි


වත්තල, මාබෝල, හුණුපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (18) දිනයේ පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ජල සැපයුම් පද්ධතියේ වැඩිදියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 10.00 සිට රාත්‍රි 10.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව වත්තල, හැදල, ඇළකන්ද, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, හුණුපිටිය, වෙඩ්කන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලිය තුඩුව පාර, දළුපිටිය පාර සහ අක්බාර් පාලම යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

 



Recommended Articles