වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කිරිමට දුන් කාලය අද අවසන්


පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්වු සියලූ අපේක්ෂකයින්ට සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ නිකුත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වෙයි.

එම අපේක්ෂකයින් හට සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ තේරීම් භාර නිලධාරීන්ට හෝ මැතිවරණ කොමිසමට ලබාදීමට අවස්ථාව ලබාදී තිබුණි.

වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමේ නීතියට අනුව පරාජිත අපේක්ෂකයින් විසින් මැතිවරණයට නාමයෝජනා ලබාදී මාස තුනක් ඇතුළත සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ එලෙස ඉදිරිපත් කළ යුතු වෙයි. 

 



Recommended Articles