වටරැක එළිමහන් සිරකඳවුරේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම්


වටරැක එළමහන් සිර කදවුරේ නව අංශයේ රදවා සිටින කොවිඩ් රෝගින්ට ලබාදිම සදහා රැගෙන විත් තිබු දුම්කොළ 25ක් සහ ලයිටර් 11ක් සමග එහි සේවය කරන බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කදවුරේ අධිකාරිවරයාට ඊයේ ලද තොරතුරකට අනුව නිලධාරින් කණ්ඩායමක් යොදවා මොහු පැමිණි යතුරුපැදිය හදිසි පරික්ෂාවකට ලක් කර ඇති අතර එහි අසුන යට බහාලුමක සඟවා තිබියදි මෙම ද්‍රව්‍ය සොයා ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ අත්අඩංගුවට ගත් එම බන්ධනාගාර සැරයන්වරයගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට පියවර ගත් බවයි.



Recommended Articles