වකුගඩු ජාවාරමට අනුබල දුන් ග්‍රාම නිලධාරීන් 2ක් අත්අඩංගුවට


බොරැල්ල පෞද්ගලික රෝහලක් තුළ සිදුවු වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරුවෙක් හා එම ජාවාරමට ආධාර අනුබල දුන් ග්‍රාම නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන පරීක්ෂණවලට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රධාන තැරැව්කරු අවුරුදු 32ක් වන කොළඹ 13 පදිංචිකරුවෙකි.

ග්‍රාම නිලධාරින් දෙදෙනා කොළොන්නාව හා ශ්‍රී ජයවර්ධනපුර ග්‍රාම සේවා කොට්ඨාසවල නිලධාරීන්ය. මෙම සැකකරුවන් තිදෙනා ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles