ලෝක වෙළෙඳ පොළේ රත්රන් මිල තව ඉහළට


ලෝක වෙළෙඳ පොළෙහි රත්‍රන් මිල මෙම සතියේදී තවදුරටත් ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම සතිය තුළදී රත්රන් මිල 1.4%කින් වැඩිවී ඇති අතර, නොවැම්බර් දෙවැනි සතියෙන් පසුව රත්‍රන් මිලෙහි වාර්තාවූ වැඩිම අගයද එය වෙයි.

ඒ අනුව රත්රන් අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 1,807ක් ලෙසිනි. එසේම ශ්‍රී ලංකාවේ රත්රන් වෙලෙඳ පොළෙහි මිල සලකා බැලීමේදී, කැරට් 24 රු.117,000ක්, කැරට් 22 රු.107,250ක්, කැරට් 21 රු.102,375ක් සහ කැරට් 18 රු.87,750ක් ලෙස සටහන් වී තිබුණි.

 



Recommended Articles