වසර 35කට පසුව ලෝක විවාහක රූ රැජින කිරුළ යළිත් ලංකාවට රැගෙන ආ කැරොයලින් ජූරි වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබේ.
එවැනි ගෞරවයක් යළිත් ශ්‍රී ලංකාවට රැගෙන එමින් ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයක් ගෙන දුන් ඇයට ස්තූතිවන්ත වන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි කැරොලයින් ජූරී මහත්මියට මාගේ උණුසුම් සුභ පැතුම්. වසර 35කට පසු මෙම ජාත්‍යන්තර ගෞරවය මව්බිමට රැගෙනවිත්, ශ්‍රී ලාංකිකයන් හැටියට අප සැමට ආඩම්බරයක් එක් කළ ඔබට තුති! #Congratulations #MrsWorld2020 pic.twitter.com/bVOCSpv8Ry
— Gotabaya Rajapaksa (@GotabayaR) December 8, 2019

