ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට


ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වීම සදහා සබීනා යූසෆ් මහත්මිය 01/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය .

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 60 කට අධික සංඛ්‍යාවක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් 01/22 දින සිට 01/29 දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත්වීමට නියමිතය .

මේ සදහා ඇය 01/21 දින අලුයම 03.00 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගොස් , තවත් වෙනත් ගුවන් යානයකින් ලාස්වේගාස් නුවර වෙත යාමට නියමිතය .

 

 



Recommended Articles