ලෝක යොවුන් ස්ක්‍රැබල් තරගාවලියේ ශූරතාව, අනුශූරතාව හා තෙවැනි ස්ථානය ලංකාවට


තායිලන්තයේ පැවති යොවුන් ලෝක ස්ක්‍රැබල් (Scrabble ) තරගාවලියේ දී ලෝකයේ දක්ෂතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව (Best Team) පත් කරමින් , එම තරගාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගත් ක්‍රීඩකයින් දෙදෙනා 12/05 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ඉකුත් 12/01 දින සිට 12/03 දක්වා තායිලන්තයේ ට්‍රැඩ් නුවර ලෝකයේ රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 142 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

එහිදී මෙම තරගාවලියේ දී ලෝක ශූරතාවය ගාල්ල මහින්ද විද්‍යාලයේ 16 හැවිරිදි හිවින් දිල්මිත් ( Hivin Dilmith ) ක්‍රීඩකයා දිනා ගැනීමට සමත් වී තිබුණි .

    එසේම මෙම තරගාවලියේ අනු ශූරතාවය බත්තරමුල්ල ගේට්වේ පාසැලේ අදීශ දිසානායක ක්‍රීඩකයා දිනා ගැනීමට සමත් වී තිබුණි .

මෙම තරගාවලියේ තුන් වන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ කවිදු මළවරආරච්චි ක්‍රීඩකයා විසින් දිනා ගෙන තිබුණි

තරගාවලියේ පළමු , දෙවන සහ තෙවන ස්ථාන ශ්‍රී ලංකාවට හිමි වීමත් සමග ප්‍රථම වතාවට  ශ්‍රී ලංකාව මෙම යොවුන් ලෝක ස්ක්‍රැබල් ශූරතා තරගාවලියේ ලෝකයේ දක්ෂතම රට බවට පත් වී තිබේ .

ශූරතාවයන් දිනා ගත් ජයග්‍රාහී ක්‍රීඩකයින් දෙදෙනා 12/05 දින රාත්‍රී 10.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන් පිළිගැනීමට මෙම ක්‍රීඩකයින්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් පැමිණ සිටියහ .

 



Recommended Articles