ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක්


ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 3000 ක් සංවර්ධනය කිරීම, කෘෂි කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදි ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

මේ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හා ලෝක බැංකුව අතර අද (03දා) ගිවිසුම් අත්සන් කරනු ලැබීය. මාර්ග සංවර්ධන අධිකාරිය හරහා මෙම මුදල් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.



Recommended Articles