ලෝක පරිසර දිනය අදයි


ලෝක පරිසර දිනය අදට (05) යෙදී ඇත.

අපේ පරිසර පද්ධතිය සුරකිමු යන්න මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වෙයි.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව එක්රැස්කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි බැවින් අද සහ හෙට (06) දීප ව්‍යාප්තව නිවාස හා ගෙවතු පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පරිසරයට පැය 48ක් තේමාව යටතේ හුස්ම පොදයි පරිසරයයි යන නමින් මෙම දෙදින පරිසර පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

 



Recommended Articles