ලෝක නිරූපණ ශිල්පියන් අතර තෙවැනි තැන දිනූ සඳලි දිවයිනට


ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29 වැනි " ලෝක නිරූපණ ශිල්පිනී - 2023 ( Top Model Of The World - 2023 )
තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සදළි පීරිස් මෙනවිය 03/07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
               මෙම තරගාවලිය ඉකුත් පෙබරවාරි මස 20 දින සිට මෙම මාර්තු මස 03 දක්වා , ලෝකයේ රටවල් 42 ක නිරූපණ ශිල්පිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
               22 හැවිරිදි සදළි පීරිස් මෙනවිය කොළඹ ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනයක " බැලේ " නර්තන උපදේශිකාවක ලෙස කටයුතු කරමින් සිටින්නීය.
                ඇය මෙම ජයග්‍රහණ රැගෙන 03/07 දින උදෑසන 08.30 ට බහරේන් නුවර සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය.
          එහිදී සදළි පීරිස් මෙනවිය සිය අනාගත බලාපොරොත්තු පිළිබඳව ප්‍රකාශ කරමින් , ඉදිරි මාස 06 ක කාළයක් ඉන්දියාවේ විශාලතම නිරූපණ ශිල්පී ආයතනයේ ආරාධනාවක් මත එහි සේවය සදහා යන බවත් , ඒ අතරතුර ශ්‍රී ලංකාවේ අවශ්‍යතා මත මෙරටට පැමිණ නිරූපණ ශිල්පී කටයුතු වල නිරත වීමට අපේක්ෂා කරන බවත් පැවසීය.
                  ඇය පිළිගැනීම සදහා ඇයගේ පවුලේ උදවිය , ඇයගේ නිරූපණ ශිල්පී උපදේශක බ්‍රයන් කර්කෝවන් , ඇය සේවය කරන නිරූපණ ශිල්පී ආයතනයේ නිලධාරීන් පිරිසක් ද , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරියන් පිරිසක් ද  කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
 
 
කටුනායක - ටී.කේ.ජී. කපිල
 


Recommended Articles