ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දිමුත්ට


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව නම් කරන 2021 ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නම් කර තිබේ.
ශ්‍රී ලංකාවෙන් දිමුත් පමණක් එම කණ්ඩායමට ඇතුළත්ව සිටියි. මෙම වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සම්මානයටද දිමුත් නිර්දේශ වී තිබේ.

 ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම (පන්දුවට පහර දෙන පිළිවෙල අනුව): 1. රෝහිත් ශර්මා (ඉන්දියාව), 2. දිමුත් කරුණාරත්න, (නායක - ශ්‍රී ලංකාව) , 3. මානස් ලබුෂේන් (ඕස්ටේ්‍රලියාව), 4. ජෝ රූට් (එංගලන්තය), 5. ෆවාඩ් අලාම් (පාකිස්තානය) , 6. රිෂාබ් පාන්ට් (ඉන්දියාව), 7. රවිචන්ද්‍රන් අෂ්වින් (ඉන්දියාව),  8. කයිල් ජැමීසන් (නවසීලන්තය), 9. අක්ෂාර් පටෙල් (ඉන්දියාව) , 10. හසන් අලි (පාකිස්තානය), 11. ශහීන් ෂා අෆ්රිඩි (පාකිස්තානය)



Recommended Articles