ලොහාන් රත්වත්තේට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්


අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා ඇති රැඳවියන් 08 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.‍

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අනූරාධපුර බන්ධනාගාරය තුළට ඇතුළු වී පිස්තෝලයක් රැඳවියකුගේ හිසට තබා තර්ජනය කිරීම හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනාකරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ නීතිපතිවරයා ව නම්කර ඇති බවට සඳහන් වෙයි..



Recommended Articles