ලොහාන් ඇමති තතනතුරකට සුදුසු නෑ - නීතිඥ සංගමය


අනුරාධපුර බන්ධනාගාරය වෙත හෙලිකොප්ටරයකින් ගොස් බලහත්කාරයෙන් ඇතුළු වී සිරකරුවන්ට තර්ජනය කළ බවට එල්ල වන චෝදනා අතිශය සාපරාධී බවත් එම අතිශය සාපරාධී චෝදනා නීතියේ ආධිපත්‍ය වෙත බරපතල තර්ජනයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලොහාන් රත්වත්ත මහතාට එල්ල වී තිබෙන චෝදනා ඉතා බරපතල බවත් ඔහු වෙනත් ඇමති තනතුරක හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක හෝ වගකීමක් දැරීමටත් විශ්වාසනීය පුද්ගලයෙක් නොවන බවද එම සංගමය පවසයි.



Recommended Articles