ලොව හොඳම දූපත් සංචාරක ගමනාන්තය ලංකාවයි


2026 වසරේ ලොව හොඳම දූපත් ගම­නා­න්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. ගෝලීය සංචා­රක වේදි­කා­වක් වන ‘Big 7 Travel’ මඟින් ප්‍රකා­ශ­යට පත් කරන ලද 2026 වසරේ ‘ලොව හොඳම දූපත් 50’ (The 50 Best Islands in the World) ලැයි­ස්තුවේ ප්‍රථම ස්ථානය දිනා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ලංකාව මෙලෙස ප්‍රථම ස්ථාන­යට පත්වී­මට බලපෑ ප්‍රධාන හේතු අතර සැත­පුම් 833ක් දිග මන­රම් වෙරළ තීරය, මීදු­මෙන් වැසුණු මධ්‍යම කඳු­ක­රය සහ සශ්‍රීක තේ වතු, පොහො­සත් සංස්කෘ­තික උරු­මය සහ විශිෂ්ට ජෛව විවි­ධ­ත්වය, වන­ජීවී සංචාර සඳහා ප්‍රසිද්ධ යාල ජාතික උද්‍යා­නය සහ යුනෙස්කෝ ලෝක උරු­ම­යක් වන සීගි­රිය පර්වත බළ­කො­ටුව ඒ අතර ප්‍රධාන වේ.

ශ්‍රී ලංකා­වට පසුව ප්‍රංශ පොලි­නී­සි­යාව (මෝරියා), යේම­නය (සොකෝත්‍රා), පෘතු­ගා­ලය (මැඩෙ­යිරා), ඉක්ව­දෝ­රය (ගැල­ප­ගෝස් දූපත), බහ­මාස් (ග්‍රේට් එක්සි­යුමා), සීෂෙල්ස්, අය­ර්ල­න්තය (අචිල් දූපත), තායි­ල­න්තය (කෝ ලයිප්) සහ ග්‍රීසිය (මිලොස්) නම් කර තිබේ.



Recommended Articles