ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 167500 මරණ 6606 - WHO


මාර්තු 16 දා වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 167511ක් වාර්තා වී ඇති බවත් මෙයින් 13093ක් අලුත් කොවිඩ් ආසාදිතයන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අවසන් වරට කරන ලද යාවත්කාලීන කිරීමට අනුව ලොව පුරා කොවිඩ් ආසාදිත මරණ 6606ක් වාර්තා වන අතර එයින් නව මරණ සංඛ්‍යාව 862කි.

16දා වන විට චීනය තුළ කොවිඩ් ආසාදිතයන් 81077ක් වාර්තා වන අතර නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 29කි. එසේම චීනයෙන් මරණ 3218ක් වාර්තා වන අතර නව මරණ සංඛ්‍යාව 14කි.

මේ වන විට රටවල් 151කින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙයි.

 



Recommended Articles