ලොරිවලින් හමුවූ මත්ද්‍රව්‍යවල වටිනාකම බිලියන 10කට ආසන්නයි


තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී ඊයේ (22)  පොලීසිය විසින්  සොයා ගෙන තිබු මත්ද්‍රව්‍ය සහිත ලොරි තුන හමුවූ නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අද (23)  අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලීසිය  කියයි.

 ලොරි රථ තුනක තිබී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9,888ක් පමණ වන බව පොලීසිය පවසයි.

මේ අතර අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් තිදෙනා ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බව සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

 රෝහල් ගත කිරිමෙන් පසු මිය ගිය පුද්ගලයාගේ  පුත්‍රයින් දෙදෙනා ඇතුලු 6 දෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා සහ එක්ලොරි රථයක රියදුරෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින   බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23)  තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව  ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා  තංගල්ල පොලිසිය  වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඩබ්ලිව්.එල්.අනුර ප්‍රියන්ත - හබරාදුව/කවිෂා ගරුසිංහ - බෙලිඅත්ත



Recommended Articles