කටුපොල පොලිස් වසමේ කඩහපොල රඹාවැව මාර්ගයේ කොන්ගොල්ල හන්දිය ආසන්නයේ පිහිටි කොළමුණු ඔය පාලම මතදී පල්ලේවෙල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන කොළමුණු ඔයේ පාලමේ ආවරණ බැම්මේ ගැටී ඔයට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ රියැදුරු හා රිය සහයක කටුපොත රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස්ව සිට ඇත. මරණකරුවන් 38 හා 63 වයස්වන පසු වූ මිරීගම හා කල්එළිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. කටුපොත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ලොරියක් ඔයකට පෙරලීමෙන් රියැදුරු සහ රිය සහයක ජීවිතක්ෂයට
Recommended Articles

