ලියාපදිංචිවිමකින් තොරව වි තොග රැස්කර සිටි ස්ථාන 13ක් වටලයි


පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා අනවසරයෙන් වී තොග රැස්කර තබාගන්නන් සොයා වැටලීම් මාලාවක් සිදුකෙරුණා.

පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචිවීමකින් තොරව වී තොග ගබඩා කරගෙන තිබූ ස්ථාන 13 ක් මෙහිදී වැටලූ බවයි විමර්ශන නිලධාරීන් සදහන් කළේ.

නාඩු සහ සම්බා වී කිලෝග්‍රෑම් ලක්ෂ 25 ක් පමණ අත්අඩංගුවට ගැනීමට වැටලීමේ දී හැකිවුණා.

එම වී තොග වී අලෙවි මණ්ඩලය වෙත ලබාදීමට ගබඩා හිමිකරුවන් එකග වි තිබේ.

අද දිනයේත් වැටලීම් සිදුකිරීමට නියමිතයි.

 

 



Recommended Articles