ලිට්‍රෝ මිල රු 100කින් අඩුවෙයි


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කළ බවත් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 3,638 ක් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පස්වරුවේ පැවසීය.

මීට සමගාමීව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 40 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 19 කින් ද, අඩු කළ බවත් නව මිල අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

රුපියල් 1,502 ක්ව පැවති කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,462 ක් දක්වා ද, රුපියල් 700 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 681 ක් දක්වා ද මේ අනුව පහළ යනු ඇත.



Recommended Articles