ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් වෙළඳපොළට


ලිට්‍රෝ ගෑස් සිලි­න්ඩර ලක්ෂ 7ක් හෙට (27) වන විට රට පුරා බෙදා හැරී­මට පිය­වර ගනි­මින් ඇතැයි ලිට්‍රෝ ගෑස් සමා­ගම කියයි. ලිට්‍රෝ ගෑස්ව­ලට වෙළෙ­ඳ­පොළ තුළ පව­තින ඉහළ ඉල්ලුම සහ පාරි­භෝ­ගික අව­ශ්‍ය­තාව සැල­කි­ල්ලට ගනි­මින්, ඔක්තෝ­බර් 22 වැනිදා මෙර­ටට ළඟා වූ ගෑස් නෞකා­වට සහ අද(26) පැමි­ණී­මට නිය­මිත නෞකා­වට අම­ත­රව, GOODWILL නෞකා­ව ද මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොග­යක් රැගෙන ඉකුත් ඔක්තෝ­බර් 24 වැනිදා මෙර­ටට ළඟා වූ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමා­ගම සඳ­හන් කරයි

 



Recommended Articles