ලිට්‍රෝ ගෑස් වැඩි මිලකින් ’ගෑස්’ පෙන්නන්න යයි


මීට පෙර වාර්තා වූ අගයට වඩා වැඩි ගණනකින් ලිට්‍රෝ සමාගම සිය ගෑස් මිල ඉහළ දැමීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5  ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 - 800 ත් අතර මුදලකින් ඉහළ යෑමට නියමිත බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මීට පෙර වාර්තා වූයේ ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 - 700ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.

කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යාමට සාපෙක්ෂව කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 200 ත් 300 ත් අතර මුදලකින් සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 100 කට ආසන්න මුදලකින් මිල ඉහළ යෑමට නියමිත බව ද වාර්තා වේ. මෙම මිල ඉහළ දැමීම ලබන 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ගෑස් මිල සූත්‍රය අනුව මෙසේ ගෑස් මිල ඉහළ නංවන අතර එය සෑම මසකම 5 දා සංශෝධනය කරනු ලැබේ.



Recommended Articles