ලිට්‍රෝ ගෑස් මිල නැවතත් ඉහළට


අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් ඉහල නංවා තිබේ. ඒ අනුව ක්‍රිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහල නංවා තිබේ.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 3127කි.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,256කි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587කි.



Recommended Articles