ලාෆ් මිල වැඩි කළාට ලිට්‍රෝ මිල වැඩි කරන්නේ නෑ


ලාෆ් ගෑස් මිල වැඩි කළද ලිට්‍රෝ ගෑස් මිල වැඩි කිරිමක් සිදු නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.එසේම ලාෆ් ගෑස් සමාගමට එරෙහිව මේ වන විට නඩුකරයක් ක්‍රියාත්මක බවද ඔහු පැවැසීය.

කහපාට සිලින්ඩර ලබාගෙන ඇති අයටඒ වෙනුවෙන් පාරිභෝගිකයන් ගෙවා ඇති තැන්පතුව ආපසු ලබාදෙන ලෙස සමාගමට දන්වා ඇති බවද අමාත්‍යවරයා  පැවැසීය.

එසේම උත්සව සමය හේතුවෙන් ලිට්‍රෝ ගෑස් සමාගම අඛණ්ඩ සැපයීමක් සිදුකරන බවද අමාත්‍යවරයා පැවැසීය. 



Recommended Articles