ලාභ ගන්න ගෑස් කඩ වසයි


ලිට්‍රෝ ගැස් සමාගම විසින් ගෘහස්ථ ගැස් සිලින්ඩර් මිල වැඩි කිරිමට තිරණය කිරිමත් සමග හැටන් නගරයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් ඊෙය් (04) දින සිට වෙලදසැල් වසා දමා ඇති අයුරු දක්නට ලැබුණි.

ලිට්‍රෝ ගැස් සමාගම විසින් පසුගිය දින කිහිපය තුළම හැටන් නගරයේ ගැස් අලෙවි නියෝජිතයන්ට ගැස් තොග නිකුත් කළ අතර , එම සමාගම විසින් ගැස් මිල වැඩි කරන බවට මිට ප්‍රථම ප්‍රකාශ කිරිමත් සමග ගැස් තොග පාරිභෝගිකයන්ට ලබානොදි වැඩිවන මිලේ වාසිය ලබා ගැනිම සදහා මෙසේ ගැස් අලෙවිසැල් වසා දමා ඇති බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.

 



Recommended Articles