ලාංකිකයින් පිරිසක් දිවයිනට


මගී ප්‍රවාහන ගුවන් යානා 29ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,253 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ද , කිලෝ ග්රැම් 367,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ අවශ්‍ය පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ   කාර්ය භාර නිලධාරීවරයා  පැවසීය .

එහිදී මගී  ගුවන් යානා 14 කින්  ගුවන් මගීන් 1,317 දෙනෙකු මෙම කාල සීමාව තුළ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .

පැමිණි ගුවන් මගීන් අතර සෞදි අරාබියේ රියාද් සිට 155 දෙනෙකු ද , මාලදිවයිනේ මාලේ සිට 144 දෙනෙකු ද ,කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ ගුවන්  තොටුපළ වෙත පැමිණ සියලුම ගුවන් මගීන්  පිරිස නීරෝධායන  ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එසේම මෙම කාලසීමාව තුළ ගුවන් යානා 15 කින් ගුවන් මගීන් 936 දෙනෙකු විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපලින් පිටත්ව ගොස් තිබුණි.

එසේ  පිටත්ව ගොස් තිබූ ගුවන් මගීන් අතර ඉන්දියාවේ චෙන්නායි වෙත 162 දෙනෙකු ද , සෞදි අරාබියේ රියාද් වෙත  161  දෙනෙකු ද සිටියහ .

මේ අතර මෙම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා යුරෝපයෙන් , ආසියාවෙන් ඇතුළු ලෝකයේ විවිධ රටවලින් විදේශීය සංචාරකයන් 180 දෙනෙකු  ද කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .

එසේම මෙම කාල සීමාව තුළ  කිලෝ ග්රැම්  49,000 බරැති  ගුවන් භාණ්ඩ තොගයක් ආනයනය ලෙස කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන විත්  තිබූ අතර , තවත්  කිලෝ ග්රැම්  318,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් අපනයන ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් විදේශීය  රටවල් බලා රැගෙන ගොස් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය  භාර නිලධාරිවරයා  වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles