ලාංකිකයින් 728ක් දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 23 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් ගුවන් මගීන් 1,652 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව මගී ගුවන් යානා 11 කින් ගුවන් මගීන් 728 දෙනෙකු මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට 316 දෙනෙකු , ගුවන් යානා 02 කින් පැමිණ සිටියහ .

එසේ පැමිණි ගුවන් මගීන් සියලු දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එමෙන්ම මෙම කාලසීමාව තුළ ගුවන් මගීන් 924 දෙනෙකු ගුවන් යානා 12 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .

ඒ අතර ඉන්දියාවේ නවදිල්ලි වෙත ගුවන් යානා 02 කින් ගුවන් මගීන් 348 දෙනෙකු පිටත්ව ගොස් තිබුණි .

එසේම මෙම කාලසීමාව තුළ රැසියාව , එංගලන්තය , ඇමෙරිකාව ආදී රටවල් ගනනාවකින්  ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 102 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තිබුණි .



Recommended Articles