ලාංකිකයින් 718ක් දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ මගී ගුවන් යානා 21 ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 1,168 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව මෙම කාළසීමාව තුළ ගුවන් යානා 11 කින් ගුවන් මගීන් 718 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණ තිබූ ගුවන් මගීන් අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට 150 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 125 දෙනෙකු ද සිටියහ .

පසුව මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එසේම ගුවන් යානා 10 කින් ගුවන් මගීන් 450 දෙනෙකු විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 110 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 101 දෙනෙකු ද සිටියහ .

එමෙන්ම මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 42 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

 



Recommended Articles