ලාංකිකයින් 615 දෙනෙකු දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 22 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1046 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දීමට පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව මෙම කාළසීමාව තුළ මගී ගුවන් යානා 13 කින් ගුවන් මගීන් 615 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

ඒ ගුවන් මගීන් අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට 173 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 135 දෙනෙකු ද , එරට අබුඩාබි සිට 75 දෙනෙකු ද , මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට 65 දෙනෙකු ද , සිංගප්පූරුවේ සිට 57 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

පසුව මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එසේම මෙම කාලසීමාව තුළ ගුවන් මගීන් 431 දෙනෙකු ගුවන් යානා 09 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .

ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 168 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 78 දෙනෙකු ද පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .

 



Recommended Articles