ලාංකිකයන්ට සිංගප්පූරවත් තහනම් වෙයි


ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සංචාරය කර ඇති පුද්ගලයන්ට සිංගප්පූරුවට ඇතුළුවීම හෝ සිංගප්පූරුව තුළින් හුවමාරුවීම තහනම් කිරීමට සිංගප්පූරුව කටයුතු කරතිබේ.

හෙට (02දා) සිට මෙම තීරණය ක්‍රියාත්මක වෙයි. ඒ අනුව බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය හා පාකිස්තානය යන රටවල සංචාරය කර ඇති පුද්ගලයන්ට මෙම තීරණය අදාළ වෙයි.

පසුගිය දින 14 ක කාලය තුළ එම රටවල සංචාරය කර ඇති අයට මෙසේ සිංගප්පූරුව තුළට ඇතුළුවීම තහනම් කර තිබේ.



Recommended Articles