ලාංකිකයන්ට ඉතාලියට ඇතුලුවීමේ තහනම ඉවත් කරයි


දකුණු ආසීයානු කලාපයේ පවතින නව කොවිඩ් 19 ව්‍යා​ප්තියත් සමග ඉකුත් අප්‍රේල් (29) දා සිට ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගි තහනම අද (30) දිනයෙන් පසුව ඉවත් කිරිමට ඉතාලි සෞඛ්‍ය අමත්‍යාංශ​ය තීරණය කර තිබේ.                     

මාස 5 ක් පුරා පැවති මෙම ගුවන් මගි තහනම ඉවත් කිරිමේදි ඉතාලියේ දරුවන් සිටින මාපියන්ට ඉකුත් අප්‍රේල් ම​ස 29 දිනට පෙර සිට ඉතාලියේ ස්ථිර පදිංචිය තිබු අයට මෙන්ම ඉතාලියේ අධ්‍යාපනය ලබන අයට හා විවිධ රෝගාබාද වලට ප්‍රතිකා​ර ගන්නා පුද්ගලයන්ට කිසිදු ගැටළුවකින් තොරව ඉතාලියට ඇතුලුවීමට අවසර ලබාදීමට කටයුතු කල බව ඉතාලි සෞඛ්‍ය අමත්‍යාංශ​ය පැවසීය. 

මෙම සියලු පුද්ගලයන් ඉතාලි සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට යටත්ව ඉතාලියට ඇතුලුවීමේදි කටයුතු කලයුතු බව වැඩි දුරටත් මේ සම්බන්ධයෙන් ඉතාලි සෞඛ්‍ය අමත්‍යාංශ​ය නිකුත් කල නව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට

 



Recommended Articles