ලාංකිකයන් 47ක් දිවයිනට


ජපානයේ සහ කටාර් රාජ්‍ය වල රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු අද (31දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එම රටවල සිට ගුවන් යානා දෙකකින් පැමිණ තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

පළමුවෙන්ම 7/31 දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට නාවිකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඉන්පසුව ජපානයේ නරීටා සිට 7/31 දින අලුයම 3.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් එරට සේවය කළ ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු පැමිණ තිබුණි.

ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබුණි.



Recommended Articles