ලාංකිකයන් 426ක් දිවයිනට


කටාර් , එක්සත් අරාබි එමීර් සහ ජර්මනියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 426 දෙනෙකු ගුවන් යානා 04 කින් අද (26දා) දින අලුයම  කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

 අලුයම 1.05 ට  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින්  ශ්‍රී ලාංකික ගුවන් මගීන් 23 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

අලුයම 1.30 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. අලුයම 6.03 ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 102 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටාර් රාජ්‍යයේ දෝහා සිට අලුයම 6.00 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් එරට රැදී සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 279 දෙනෙකු පැමිණ තිබුණි.

මෙම ගුවන් මගීන් සියලු දෙනා එම ගුවන් තොටුපළ වලදී පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කර නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ.



Recommended Articles