ලාංකිකයන් 211ක් දිවයිනට


හොංකොං, කටාර් සහ කුවේට් යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 211 දෙනෙකු ඊයේ (26දා) රාත්‍රී සහ අද අලුයම ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ .

රාත්‍රී 9.30 ට හොංකොං සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ ගුවන් යානයකින් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එසේම අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

අලුයම 2.36 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් එරට රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 157 දෙනෙකු ද  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

 



Recommended Articles