ලාංකික සිසුන් ගෙන ඒමට විශේෂ ගුවන් යානක් බංග්ලාදේශයට


බංග්ලාදේශයේ ඩකා නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 74 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා අද (27දා) දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් බංග්ලාදේශය බලා පිටත් විය.

මෙම ගුවන් යානය මගීන් නොමැතිව ගමන් ගන්නා අතර , එහි ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය 07 දෙනෙකු සිටිති.

මෙම ගුවන් යානය රාත්‍රී 7.45 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.



Recommended Articles