ලාංකික සිසුන් ගෙන ඒමට තවත් ගුවන් යානයක් ඉන්දියාවට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29දා) දින උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.

මෙම ගුවන් යානය තුළ ගුවන් යානයේ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු  හැර වෙනත් කිසිදු ගුවන් මගියෙකු නොවීය.

මෙම ගුවන් යානය ඉන්දියාවට ගොස් ආපසු පැමිණීම සදහා අවශ්‍ය වන ආහාර පාන මෙන්ම ඉන්ධන ද කටුනායක ගුවන් තොටුපළෙන් රැගෙන ගොස් තිබුණි.

ගුවන් යානය 4/29 දින දහවල් 12.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත අතර,  ආපසු සවස 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය.



Recommended Articles