ලාංකික සිසුන් 18කට චීනයෙන් උපාධි පාඨමාලා


ශ්‍රී ලංකාවේ සිසුන් 18 දෙනෙක් වෙනුවෙන් පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට චීනය කටයුතු කර තිබේ. මේ අනුව උපාධි අපේක්ෂක සිසුන් 7ක්, පශ්චාත් උපාධි 10ක් හා ආචාර්ය උපාධියක් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය කර තිබේ.

මෙම සිසුන් චීනයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල 15ක අධ්‍යාපනය හැදැරීමට නියමිතය. සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරිමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

 

 



Recommended Articles