ක්‍රමවේද 03 ක් ඔස්සේ මෙම නිවාස ඉදිකර දිමට අපේක්ෂිතය. ඉන් පළමු ක්‍රමවේදය ඔස්සේ සිය ඉඩමක නිවාසයක් ඉදිකර දීමයි. දෙවැන්න ඉඩම් නොමැති අයට නාගරික ප්‍රදේශයෙන් පිටත ඔවුන් කැමති ප්‍රදේශයක නිවාස ඉදිකර දීමයි. තුන්වන ක්‍රමවේදය වන්නේ මහල් නිවාස ඉදිකර දීමයි.
දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය මගින් නිවාස අවශ්‍යතාව ඇති විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳ ව සමීක්ෂණයක් සිදු කර ඇති අතර ඊට අයදුම්පත් 1000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි වාර්තා වේ. ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ද මෙම නිවාස අවශ්‍යතාව සහිත විදේශගත ශ්‍රමික පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කටයුතු කෙරෙමින් පවතින බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කියයි.

