ලසන්නත වික්‍රමසේකර ඝාතනයට තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට


වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති තවත් පුද්ගලයෙකු ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු වෙඩිතැබීමට පෙරදින වෙඩික්කරුවන් සමග ගාල්ල හා මාතර ප්‍රදේශයන් වෙත ගොස් ඇති බවට වාර්තා වී ඇත.

අදාළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (26දා) පෙරවරුවේ කැකිරාව ප්‍රදේශයේදී තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි.



Recommended Articles