ලසන්ත ඝාතනයෙන් හිස් වූ වැලිගම ප්‍රා.සභාවේ සභාපති ධුරය මාලිමාවට


වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ මන්ත්‍රී චින්තක හේවාපතිරණ මහතා තේරී පත්ව තිබේ.

අද (02දා)  ඊට අදාළ ඡන්ද විමසීම පැවති අතර, එහිදි ඒ මහතාට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 21ක් හිමිවිය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව පසුගිය ඔක්තෝබර් 22 වනදා ප්‍රාදේශීය සභාවේ සභාපති නිලමැදිරිය තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණු අතර ඒ අනුව එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය පුරප්පාඩු විය.



Recommended Articles