ලබන සදුදා පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්විමක්


සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත ලබන සඳුදා (16) පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනු ඇති.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත මෙසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගෙන ඇති බවය.

 



Recommended Articles