ලබන වසරේදී ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවා ඇති බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ දේශපාලඥයින් මෙම අර්බුදයට වගකීමෙන් මුහුණ දෙන බවක් පෙනෙන්නට නොමැති බවයි.
එළඹෙන වසරේදී ශ්‍රී ලංකාවට තම ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති. එහෙත්, දේශපාලඥයින් මේ දරුණු අර්බුදයට වගකීමෙන් මුහුණ දෙන බව නොපෙනේ. ලංකාවේ හිඟම සම්පත ඩොලර් නොව, සාමුහික එකඟතාය. දේශපාලඥයන් වගකීම්සහගත විය යුතුම කාලය එළඹ ඇත.
— Karu Jayasuriya (@KaruOnline) December 9, 2021

