ලබන වසරේදී නව මහ බැංකු පනත් කෙටුම්පතක්


ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ජනපතිවරයා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා සංශෝධන අවශ්‍යනම් ලබන කැබිනට් මණ්ඩලයට  ඉදිරිපත් කරන ලෙස මෙහිදී ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඒ අනුව ලබන වසරේදී නව ශ්‍රී ලංකා මහ බැංකු පනත්කෙටුම්පතක් පාර්ලිමේන්තුවේදි අනුමත වෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.



Recommended Articles