ලබන වසරේදී කොවිඩ් ගෝලීය හදිසි අවස්ථාවක් නොවෙනු ඇතැයි විශ්වාසයක්


COVID-19 වසංගතය ලබන වසරේ සිට තවදුරටත් ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස සැලකීමට අවශ්‍ය නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා පැවැසීය. බදාදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මීට වසර තුනකට පෙර චීනයේ වුහාන් වාර්තා වූ කොවිඩ් වසංගතය ලොව පුරා මිලියන 6.6ක ජනතාවක් මරුවා තුළට යැවීය. 

එසේම මේ පිළිබඳව අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා අධ්‍යක්ෂ මයික් රයන් මහතා ප්‍රකාශ කළේ එන්නත් ලබා නොගත් විශාල ජනගහනයක් සිටී නම් ඔවුන්ට එන්නත් ලබාදීම වෙනුවෙන් ලෝකයට කිරීමට තවමත් වැඩ ඇති බවයි.



Recommended Articles