ලබන මස සිට 18ත් 30ත් අතර පිරිස එන්නත්කරණයට


ලබන මස 2 වන සතිය වනවිට වයස අවුරුදු 18 ත් 30 ත් අතර පිරිස එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු කරන බව​ට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

මිලියන 3.2ක පිරිසක් එම වයස් ඛාණ්ඩයට අයත් බවටත් 30 ට වැඩි ජනගහණයෙන් සියයට 48 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බවත් රජයේ මාධ්‍ය සකච්ඡාවට අද  එක්වෙමින් වසංගත රෝග  විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසා සිටියේය.



Recommended Articles