ලබන 31 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි


අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් ලබන 31 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් හා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව 31 වන ඉරිදා නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.



Recommended Articles