ලබන 21 වැනිදායින් පසු පිට පළාත්වල සිසුන් එන්නත්කරණයට පියවර


ලබන 21 වැනිදායින් පසු බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත්වල සිසුන් එන්නත්කරණයට පියවර ගෙන ඇති බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

ඒ අනුව උසස් පෙළ පළමුවර සහ දෙවන වර පෙනී සිටින සිසුන් එන්නත්කරණයට පියවර ගනු ඇත.

මේ අතර මේ වනවිට වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන 60 % කට අධික පිරිසක් එන්නත්කරණයට යොමුව ඇතැයි ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර සිටියි.



Recommended Articles