ලන්ඩනයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් වැඩ අරඹයි


මහා බ්‍රිතාන්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකාව පත්කරන ලද නව මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා ඊයේ (16දා) සිය රාජකාරී ආරම්භ කළේය.

නිමල් සේනාධීර මහතා ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරියෙක් නොවුණත් පරිපාලන සේවයේ උසස් නිලධාරියෙකි. ඔහු රාජ්‍ය සෙවය තුළ දශක දෙකකට අධික කාලයක් කටයුතු කර තිබේ.

නිමල් සේනාධීර මහතා මීට පෙර දකුණු අප්‍රිකාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේද සේවය කර තිබුණි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්තයෙක් වන ඒ මහතා එංගලන්තයේ හා ඔස්ට්‍රේලියාවේදි පශ්චාත් උපාධි දෙකක් සම්පූර්ණ කර තිබේ.

ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට



Recommended Articles